Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්බදියුදීන්ට විනය පරීක්‍ෂණ සමගි ජන බලවේගයෙන් නැත්තේ ඇයි…

බදියුදීන්ට විනය පරීක්‍ෂණ සමගි ජන බලවේගයෙන් නැත්තේ ඇයි…


July 27, 2021 at 5:30 pm | lanka C news

බදියුදීන්ට විනය පරීක්‍ෂණ සමගි ජන බලවේගයෙන් නැත්තේ ඇයි…

බාලවයස්කාර දැරියක තම නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ගෙන, ඇය කෲරත්වයට පත්ව, ලිංගික අපයෝජනයට ලක්ව, පිළිස්සී මියයාම පිළිබඳව බරපතල අපරාධ චෝදනා එල්ල වී ඇති රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින සමගි ජන බලවේගය මෙතෙක් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග කවරේදැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කර සිටී.

අද (27) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ප්‍රශ්න කර සිටියේය.

රටේ නීති සාදන ස්ථානයේ සාමාජිකයකු ලෙස සිටිමින් ඉහත අපරාධ සඳහා දායක වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් තමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පැටලිලි සහගත කටඋත්තර ලබා දෙද්දී සමගි ජන බලවේගය අද ගොළුව ඇතැයි ද ජානිපෙ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම මෙම ඉෂාලිනි දැරිය ළමා මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියයාම පිළිබඳව වතුකරයේ උද්ඝෝෂණ කැඳවන සමගි ජනබලවේගයේ පාර්ශවකරුවන් වන දිගම්බරන්, වඩිවේල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් වතුකරයේ සිදුවන, බාලවයස්කාර දූපුතුන් මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳ මෙතෙක් කලක් නොදැන සිටියේ දැයි මොහොමඩ් මුසම්මිල් මහතා ඔවුන්ගෙන් විමසා සිටියේය. එසේම වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන “හඬ නගන” ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ගේ නිවාසවලින් වතුකරයේ ළමා ශ්‍රමිකයන් සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හැකිවනු ඇතැයිද පැවසූ ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා, මෙම දිගම්බරන්ලාගේ උද්ඝෝෂණ වතුකරයේ ජනතාව මුලාවේ දැමීමක් පමණක්ම බව ද පෙන්වා දුන්නේය. තවද සුනඛයකු මියගියත් “හඬ නගන” කාන්තා අයිතිවාසිකම් සංවිධාන, මානව හිමිකම් සංවිධාන ඉෂාලිනි මියයාම පිළිබඳව මුනිවත රැකීමෙන් ඔවුන්ගේ නිරුවත රටට පෙන්වා දුන් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
‘කුරුටුගාමීන්ගේ හමුදා විරෝධය’

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද 7800කට සීමා වූ ‘කුරුටුගාමී පක්ෂය’ අද හමුදාව මහජන මුදලින් නඩත්තුව වීම ගැටළුවක් කරගෙන වෛරී ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් බවත් ඩොලර් කිහිපයක් අපේක්ෂාවෙන් සිදු කරන එවැනි ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මුසම්මිල් මහතා කීය. මෙරට පුහුණු සෞඛ්‍ය පද්ධතිය පමණක් නොව ආරක්ෂක හමුදාවන් ද මෙම ලෝක වසංගත තත්ත්වයට මුහුණ දීමට යොදවා ගැනීම ආණ්ඩුව ගත් ප්‍රශස්ත තීන්දුවක් බවත් එමගින් මිනී කඳු ගොඩ ගැසෙන තෙක් බලා සිටි විපක්ෂ දේශපාලන පක්ෂවල දුෂ්ට බලාපොරොත්තු බිඳ වැටුණු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආපදා තත්ත්වය සඳහා පමණක් නොව නිදසුනක් ලෙස මෙරට වැව් 30,000කින් යුත් ඉපැරණි වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය වැනි කටයුතුවලට යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යෙදවීම ඉතා ඵලදායක වනු ඇති බව ද මුසම්මිල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments