Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්රජය ඩොලර් බිලියනයක ණය ගෙවා අවසන්

රජය ඩොලර් බිලියනයක ණය ගෙවා අවසන්


විදේශ ණය වශයෙන් රජය ගෙවීමට තිබූ ඩොලර් බිලියනයක මුදල ඊයේ(26) දිනයේදී ගෙවා දැමීමට හැකියාව ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල් මහතා පවසයි.

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ අනුව ඊයේ(26) දිනයේදී කල්පිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය (ISB) නියමිත පරිදි ගෙවීමට හැකියාව ලැබී ඇත.

මේ අතර මෙම විදේශ ණය මුදල ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments