Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර ලංකාවේ

ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර ලංකාවේ


හාරමින් සිටි ළිඳෙන් මතු වූ වාසනාව

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත.

s.yimg.com/ny/api/res/1.2/fJdWCeIcOCIjUPBE5w4e0...

කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි.

විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බව වාර්තා වේ.

“ක්‍රිස්ටල් සහ කොරෝන්දම්” මිශ්‍රවීමෙන් එම පාෂාණය නිර්මාණය වී ඇති බව මැණික් ගල් පිළිබඳ ප්‍රවීණයෙක් පවසා තිබේ.

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments