Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු වැටුප් ඉල්ලා දකුණේ ගුරුවරු ගාල්ල දෙවනත් කරයි

ගුරු වැටුප් ඉල්ලා දකුණේ ගුරුවරු ගාල්ල දෙවනත් කරයි


වසර විසි හතරක් පුරාවට නොවිසඳුණු ගුරු වැටුප් විෂමතාවය වහා විසඳන ලෙසට හා කොතලාවල පනතට එරෙහි රජයට බලකරමින් අද (28) ගාල්ලේ ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මෙම විරෝධතාව සඳහා සහභාගි වූ ගුරුවරුන් විරෝධතා පා ගමනෙන් ගාල්ල නගරයට පැමිණි අතර තවත් පිරිසක් සමුද්‍ර මාවතේ සිට ගාල්ල නගරයට විරෝධතා පා ගමනෙන් පැමිණෙන ලදී.

මෙම කණ්ඩායම් දෙකම ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිටදී ප්‍රධාන මාර්ගය අවහිර වන සේ විරෝධතාවේ යෙදී සිටින ලදී .ගාල්ල උඩුගම ඇල්පිටිය අම්බලන්ගොඩ යන කලාප වලින් කලාප වලින් පැමිණි තුන් දාහකට අධික ගුරු විදුහල්පති පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

ගාල්ල නගරයේ මෙතෙක් පැවති විරෝධතා වලින් මෙතරම් දැවැන්ත පිරිසක් විරෝධතාවයක් සඳහා සහභාගීවූ පළමු අවස්ථාව මෙය වන අතර විරෝධතාවෙන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පා ගමනින් ගොස් සංදේශයක් භාර දෙන ලදී

අක්මීමන එච් එම් සමන්

 

The post ගුරු වැටුප් ඉල්ලා දකුණේ ගුරුවරු ගාල්ල දෙවනත් කරයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments