Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්බදියුදීන්ගේ නිවසේදී මියගිය ඩයගම දැරියගේ සිරුර ගොඩ ගැනීම කල්යයි

බදියුදීන්ගේ නිවසේදී මියගිය ඩයගම දැරියගේ සිරුර ගොඩ ගැනීම කල්යයි


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය බාලවයස්කාර දැරියගේ සිරුර අධිකරණ නියෝගය මත අනිද්දා (30) ගොඩ ගැනීමට පියවර ගන්නා බව ඩයගම පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා පැවැසීය.

හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි දරුණු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත් වුයේ ආගරපතන, ඩයගම වතුයායේ පදිංචිව සිටි ඉෂාලිනී ජුඩ් කුමාර නැමැති බාලවයස්කාර දැරියකි.

ඇගේ සිරුර ඩයගම වතුයායේ තුන්වන කොටසේ පොදු සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබු බවත් දැරියගේ සිරුර ගොඩ ‌ගෙන නැවත අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙසේ සිරුර යළි ගොඩගැනීමට සැළැසුම් කොට ඇතැයිද ඒ මහතා කීය.

දැරිය මිහිදන් කොට ඇති ඩයගම පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි ඩයගම පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා වැඩිදුරටත් පැවැසීය.

 

සබැඳි පුවත :- ඩයගම සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් – https://bit.ly/3rIPD67


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments