Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්මෛත්‍රී අලුත් පෙරළියකට අත ගසයි

මෛත්‍රී අලුත් පෙරළියකට අත ගසයි


කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නව බියුරෝවක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

නව බියුරෝව සභාපති ලෙස ගරු පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙදී තේරී පත්වී තිබේ.

May be an image of 4 people and people standing

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලී දේවේන්ද්‍ර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිටියහ.

හිටපු මුදල් අමාත්‍ය දිවංගත අචාර්ය එන්.එම්.පෙරේරා මහාතාගේ යෝජනාවක් අනුව මෙම බියුරෝව පිහිටුවා තිබේ.

මේ සදහා රාජ්‍ය ව්‍යාපාර අංශය, වතු අංශය, සමූපකාර අංශය, කාන්තා හා පෞද්ගලික අංශය යන වෘත්තීය සමිති මෙයට එක්වී තිබේ.ඊට අදාලව ශ්‍රි ලංකා තුළ පිහිටි සියලු වෘත්තීය සමිති මෙයට සම්බන්ධ වී තිබෙන බව එම පක්ෂය පෙන්වා දෙයි.

වෘත්තීය සමිති සම්බන්ධව පැන නැගෙන ගැටලු සදහා නව බියුරෝව ඉදිරියේදී ක්‍රියාකරන බවත් විශේෂයෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නව බියුරෝව නායකත්වය ගනු ඇති බවත් එම පක්ෂය සඳහන් කරයි.

May be an image of 4 people, people standing and people sittingMay be an image of 1 person, standing, indoor and text that says 'மழக SRI LANKA FREEDOM PARTY ලංකා නිදහස් පක්ෂය லங்கா சுதந்திரக் கட்சி'May be an image of 11 people, people standing, people sitting and indoor


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments