Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්රටවල් පහක තානාපතිවරු මුදල් ඇමැති සමග හමුවක්

රටවල් පහක තානාපතිවරු මුදල් ඇමැති සමග හමුවක්


රටවල් 05ක තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවී ඇත. හමුව සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ දීය.

පකිස්තාන වැඩ බලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශයේ මහ කොමසාරිස් තරීක් අරිෆුල් ඉස්ලාම්, සෞදි අරාබි තානාපති අබ්දුල් නසාර් අල් හාර්ති, කුවේට් තානාපති කලාෆ් බූ දහීර් සහ ඊජිප්තු තානාපති හුසේන් අල් සහාටි යන පිරිස මේ අනුව මුදල් අමාත්‍යවරයාව හමුවී ඇත.

ඒ අනුව ලංකාව සහ එම රටවල් අතර ද්වීපාර්ශ්වීය සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නා ආකාරය මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

මේ අනුව මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරියේදී දකැපවීමෙන් කටයුතු කරන බව ද පවසා ඇත.

එම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී ඇත.

The post රටවල් පහක තානාපතිවරු මුදල් ඇමැති සමග හමුවක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments