Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්'සයිනොවැක්' දෙවැනි මාත්‍රාව ගෙන 06 මස කට පසු ප්‍රතිදේහ වර්ධනය පහලට

‘සයිනොවැක්’ දෙවැනි මාත්‍රාව ගෙන 06 මස කට පසු ප්‍රතිදේහ වර්ධනය පහලට


සයිනොවැක් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් මාස 06කට පසුව එය ලබාගත් පුද්ගලයන්ගේ ශරීරවල වර්ධනය වූ ප්‍රතිදේහ ප්‍රමාණය සැළකියයුතු ලෙස පහත වැටී ඇති බව වාර්තාව කින් පෙන්වා දී ඇත .

චීනයේ ජියැංසු (Jiangsu) ප්‍රාන්තයේ වසංගත අධිකාරිය, සයිනොවැක් නිෂ්පාදන ආයතනය සහ තවත් චීන ආයතන කිහිපයක් ඒකාබද්ධව වයස අවුරුදු 18ත් 59ත් අතර වැඩිහිටියන් පිරිසක් ඇසුරින් සිදුකළ පර්‌යේෂණයක ප්‍රතිඵලයක් මගින් මෙම තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව සයිනොවැක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ ශරීරවල ගොඩනැගුනු ප්‍රතිදේහ මට්ටම මාස 06කට පසුව 16.9%ක ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබේ.

සයිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබාදී ඇත. එම අවසර ලබාදී‍ම් ක්‍රියාවලියේදී අධිකාරියේ එන්නත් කමිටුවේ සාමාජික විශේෂඥයන් සිවුදෙනෙක්ම සයිනොවැක් එන්නතට විරෝධය පළකළ අතර එම විරෝධය නොතකමින් අධිකාරිය එන්නතට අවසර ලබාදීම මත විශේෂඥයෝ තිදෙනෙක් ඉල්ලා අස්වීමට කටයුතු කළහ.

සයිනොවැක් එන්නත පිළිබඳ මෙම නවතම පර්‌යේෂණ වාර්තාව සම්බන්ධයෙන් ‘අරුණ’ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්තගෙන් විමසූ අතර සභාපතිවරයා සඳහන් කරන ලද්දේ සයිනොවැක් එන්නත මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කර නොමැති බවයි. ‘‘අපි අනුමැතිය ලබාදී තියෙනවා තමයි ඒක ගෙන්නන, නොගෙන්නන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්. මේ ඖෂධය එන්නෙ මොන ප්‍රභේදයට ද කියල අපි බලන්නේ නැහැ. වසංගත තතත්වය හේතුවෙන් තමයි අපි අනුමත කළේ. ඒත් හදිසි භාවිතය සඳහා. පනතේ එකසිය නමය වගන්තිය යටතේ තමයි අනුමැතිය දුන්නේ. ඒක ගේනවද කියල තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය.’’ යැයි ඔහු පැවසීය.

නයන තරංග ගමගේ


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments