Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම් 19000ක් කරලා

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම් 19000ක් කරලා


වැටලීම් වලින් අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩවල වටිනාකම මිලියන 200 ඉක්මවයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ ජනවාරි පළමුවනදා සිට ජුනි 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 19,641ක් සිදුකළ බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් 16,084 , වස,විස,අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල වැටලීම් 2152 , දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල වැටලීම් 1405 සිදු කර ඇත.

මෙම සියලු වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 19,641 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ
අතරින් 2,602ක් කාන්තාවන් වන බව සුරාබදු කොමසාරිස් සඳහන් කරයි.

2021 වර්ෂයේ පළමු මාස හය තුළදී මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කල වැරදි සංඛ්‍යාව 1,103 වන අතර මෙම වැටලීම්/ග්‍රහණ වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවන බවද සඳහන් වේ.

මෙම ග්‍රහණයන් දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57 ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5 ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද සාර්ථක වැටලීම් වලින් සමන්විත වන අතර මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබදව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් 61,809,526.00 ( මිලියන 61 ක් ) දඩ මුදල් ලෙස පනවා ඇත.

මෙම වැටලීම් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් සෘජුව හා 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකොට ඇත.

ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරිවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයකට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 0112 877 882 / 0112 877 688 / 011 209 6679 අංකයන්ට ෆැක්ස් මගින් ද, oiccrime@excise.gov.lk විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

දර්ශාන් කානිල් ප්‍රනාන්දු

The post සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම් 19000ක් කරලා appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments