Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්සේවා මුරය සම්පුර්ණ කිරීමට අඛණ්ඩව පැය 18ක් වැඩ කළ සේවකයා මරුට

සේවා මුරය සම්පුර්ණ කිරීමට අඛණ්ඩව පැය 18ක් වැඩ කළ සේවකයා මරුට


දකුණු කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කම්හලක සේවයේ තිරතව සිටි ලාංකිකයකු අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ.

ඔහු අඛණ්ඩව පැය 18 ක් නියමිත කාල සීමාව සපුරාලීම සඳහා වැඩ කරමින් සිටියදී එම අනතුර සිදුව තිබෙන බව The Korea Times වාර්තා කර ඇත.

තිස් තුන් හැවිරිදි ඔහු’ ජුලි 25 වන දින අලුයම 3.30 ට පමණ මියගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

එම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන කම්හලෙහි මොහු මිය යනවිට ඒ අසල තවත් විදේශීය ජාතික කම්කරුවන් දෙදෙනෙකු සිට තිබෙන බව වාර්තා වී ඇත.

කෙසේ නමුත් තරුණයාගේ කෑගැසීම ඇසෙන තෙක් ඔවුන් අනතුර ගැන දැන නොසිටි බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

මීට මාස තුනකට පමණ පෙර එම කර්මාන්ත ශාලාවේ සේවයට පැමිණි ලාංකිකයාගේ මරණය සම්බන්ධයෙන් එරට පොලිසිය නිශ්චිත හේතුව සොයා බලමින් සිටින බව පැවසේ .


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments