Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්තේ අපනයන ආදායම ඉහළට - Aruna

තේ අපනයන ආදායම ඉහළට – Aruna


තේ කිලෝග්‍රෑම් මිලියන 136ක් රට යවයි

2020 වසරේ පළමු මාස හය තුළ තේ අපනයන ආදායමට සාපේක්ෂව මෙම වසරේ ගතවූ මාස හයක කාලසීමාව තුළදී තේ අපනයනය මගින් රුපියල් බිලියන 127.8ක ආදායමක් ලබා තිබේ. එය පසුගිය වසරේ තේ අපනයනයට සාපේක්ෂව 16.5%ක වර්ධනයකි.

මෙම ආදායම ලබාගැනීම සඳහා ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළදී මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන 136ක් අපනයනය කර තිබෙන අතර, 2020 වසරේ මෙම කාලයේදී අපනයනය කර ඇත්තේ තේ කිලෝග්‍රෑම් 124කි.

3,484 Tea Factory Stock Photos, Pictures & Royalty-Free Images - iStock

මෙහිදී තේ තොග, තේ පැකට්ටු, තේ බෑග්, ක්ෂණික තේ මෙන්ම හරිත තේ ලෙසද මෙම අපනයනයන් සිදුකර ඇත.

ඒ අනුව මෙම වසරේදී තේ තොග අපනයනයෙන් රුපියල් මිලියන 42.6ක්ද, ​තේ පැකට්ටු මගින් රුපියල් මිලියන 53.7ක් සහ තේ බෑග් හරහා රුපියල් මිලියන 19ක ආදායමක් ලැබී තිබේ. එමෙන්ම ක්ෂණික තේ අපනයනය ඔස්සේ රුපියල් මිලියන 2.6ක් හා හරිත තේ මගින් රුපියල් මිලියන 4.5ක් උපයා ගැනීමට ද හැකිවී තිබේ.

නිර්මාණි තිලකසිරි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments