Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්පාසල් නොයන දරුවන් ගැන සොයන ඒකකය විධිමත් නෑ

පාසල් නොයන දරුවන් ගැන සොයන ඒකකය විධිමත් නෑ


දරුවන්ට මූලික දැනුම නොමැතිකමින් ගුරුවරු ගැටලුවක

පාසල් නොයන දරුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති නොවිදිමත් අධ්‍යාපන ඒකක නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව අනාවරණය වෙයි.

සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකම එම ඒකකය සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකු බැගින් පත් කර ඇත.

එම නිලධාරිවරයාට තම වසමේ සිටින පාසල් නොයන දරුවන් සම්බන්ධ තොරතුරු නිරන්තරයෙන් වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි ‘අරුණ’ට පැවසිය.

එලෙස තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිවරයා ඊට අදාළ ස්ථානවලට ගොස් පාසල් නොයන දරුවන්ගේ භාරකරුවන් මුණගැසී කතාබහ කර ඒ සඳහා පිළියම් යෙදිය යුතු වේ.

එහෙත් එම යාන්ත්‍රණය ඇතැම් ප්‍රදේශවල නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද හෙතෙම කිවේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්දගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ දැනට පවතින මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවය.

එම ගැටලු ලෙස ලේකම්වරයා පෙන්වා දෙන්නේ බොහොමයක් පාසල් නොයන දරුවන්ගේ මුලික අධ්‍යාපනයම බිඳ වැටි ඇති බැවින් එම දරුවන් පාසල් සඳහා යොමු කළද, එහි රඳවා ගැනීමට ගුරුවරුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බවය.

කුමන ගැටලුකාරී තත්ත්වයක් පැවතියද පාසල් නොයන දරුවන් පාසල් සඳහා යොමු කිරීමේ යාන්ත්‍රණය කොතනකවත් නතර වී නැති බවද ලේකම්වරයා සඳහන් කළේය.

චාමර පල්ලේගෙදර


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments