Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ළමුන්ගේ අසභ්‍ය දර්ශන ඉන්ටර්නෙට් දාපු සැනින් මාට්ටු

ළමුන්ගේ අසභ්‍ය දර්ශන ඉන්ටර්නෙට් දාපු සැනින් මාට්ටු


ළමුන්ගේ අසභ්‍ය දර්ශන දැමූ 18000ක් සොයයි

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් සම්බන්ධයෙන් අද (29) සිට පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හැරීමේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

එහි නවතම දත්ත අනුව ජූලි මස 17 වන දා සිට ඊයේ(28) දක්වා අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 18,000කට අධික ප්‍රමාණයක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හැරි පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

යම් අයෙකු විසින් ළමයින් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හරිනු ලැබුවහොත්, මුදා හැරි සැණින්ම එම පුද්ගලයින් සහ අදාළ පරිගණක උපාංග හඳුනා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා පොලිසිය සතුව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments