Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්කටුනායක කොවිඩ් ආසාදිතයින් වැඩි වෙයි

කටුනායක කොවිඩ් ආසාදිතයින් වැඩි වෙයි


කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 3742කට කොවිඩ්

කටුනායක ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ගණන ක්‍රමිකව වර්ධනය වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කරයි.

ඊයේ(30) දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු වන අතර 27වන දින 81 දෙනෙකුත්, 28වන දින 79 දෙනෙකුත් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොවිඩ් ආසාදිතයන් 4,079 දෙනෙකු වාර්තා වී තිබේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් තවත් කොවිඩ් ආසාදිතයින් 46දෙනෙකු හමු වී ඇති අතර ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 73 ක සේවය කරන 3,742 ක් වූ සේවකයින් සංඛ්‍යාවක් මෙසේ කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇත.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments