Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්නව දුම්රිය මැදිරි තොගයක් ඉන්දියාවෙන් ගෙන්වයි

නව දුම්රිය මැදිරි තොගයක් ඉන්දියාවෙන් ගෙන්වයි


සංචාරකයින්ගේ ගමන් පහසුවට අලුත් දුම්රිය මැදිරි

ඉන්දියාවෙන් නව දුම්රිය මැදිරි 165 ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ එම දුම්රිය මැදිරි මෙරටට ආනයනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට රැගෙන ආ එම දුම්රිය මැදිරි තොගයෙන් මැදිරි 30ක් රත්මලාන දුම්රිය අංගනයේ පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

තවත් දුම්රිය මැදිරි 30 ක් කොළඹ වරායට රැගෙන විත් ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

එම දුම්රිය මැදිරි දෙස් විදෙස් සංචාරකයින්ගේ ගමනාගමන පහසුකම් සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

The post නව දුම්රිය මැදිරි තොගයක් ඉන්දියාවෙන් ගෙන්වයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments