Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්රු. බිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය පොලිස් භාරයට

රු. බිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය පොලිස් භාරයට


මේ වසරේ ගත වූ කාලය තුළදී වැටලීම් වලින් රුපියල් බිලියන 8කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද (30) පෙරවරුවේ බණ්ඩාගරම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 40ක් සොයා ගත් බවයි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 40ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

ඒ අනුව මේ වර්ෂයේ මේ දක්වා කාලය තුළ පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 473ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊට අමතරව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අයිස් සහ හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න වේ.

‌හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වර්ෂයේ අද දින දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 14347ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments