Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු කිහිපයක්

ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු කිහිපයක්


හුංගම පොලිස් වසමේ කොළඹ කතරගම මාර්ගයේ ලුණුගම ප්‍රදේශයේ හම්බන්තොට දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

ඊයේ උදැසන 9.10ට පමණ මුහුණට මුහුණ ගැටී සිදුවූ එම රිය අතුරින් 44 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදි කරු හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

වැඩිදුර පරීක්ෂණ හුංගම පොලීසිය විසින් සිදුකරන අතර ලොරි රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර තවත් මාරක රිය අනතුරක් හුංගම පොලිස් වසමේ කොළඹ කතරගම මාර්ගයේ හාතාගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

ඊයේ සවස 5.45ට පමණ ත්‍රී රෝද රථයක් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

ඒ අනුව රිය අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු සහ එම ත්‍රී රෝද රථයේ පසුපස ආසනයේ ගමන් ගත් පුද්ගලයා රන්න රෝහලට ඇතුලත් කර ඇත. අනතුරුව ත්‍රී රෝද රථ රියදුරු මියගොස් තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රී රෝද රථයේ පසුපස ආසනයේ ගමන් ගත් පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මොවුන් දෙදෙනා 45 සහ 49 යන වයස්වල පසුවන වෑකදවල සහ කටුවන ප්‍රදේශයේ පදිංචි අය වෙයි.

මේ අතර තවත් රිය අනතුරු දෙකක් වාර්තා වී තිබෙන අතර ඉන් එක් අනතුරක් බුත්තල පොලිස් වසමේ බුරුත හන්දිය කුකුරම්පොල මාර්ගයේ පැලවත්ත සීනි සමගම ආසන්නයේ දී සිදුව ඇත.

ඒ අනුව පුද්ගලික බස්රථයක් තවත් පුද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදි කරු මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

පසුව 60 හැවිරිදි යතුරුපැදි කරු මියගොස් තිබෙන බව වාර්තා වී ඇත.

ඊයේ (30) උදෑසන 7.15ට පමණ කටුගස්තොට පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය ප්‍රදේශයේ මහනුවර දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ කතාබස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇත.

ඒ අනුව ත්‍රී රෝද රථ රියදුරු සහ මාර්ගයේ සිටි පුද්ගලයන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඉන් 73 හැවිරිදි පුද්ගලයා මරණට පත්ව ඇත.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments