Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්අන්තර් පළාත් බස් ධාවනය යළි ආරම්භ කෙරේ

අන්තර් පළාත් බස් ධාවනය යළි ආරම්භ කෙරේ


අන්තර් පළාත් බස් රථ සේවා අද (01) දින සිට යළි ආරම්භ කර තිබෙන බව වාර්තා වී ඇත.

බස් හා දුම්රිය ප්‍රවාහන බලධාරින් සඳහන් සඳහන් කරන්නේ රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි හෙට (02) සිට සේවයට කැඳවීමත් සමඟ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් බවය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවන කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ කර ඇත.

මේ අනුව කොට්ටාව – මාකුඹුර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, තංගල්ල, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවලට අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සිදුකර තිබේ.
.
බස්රථ සේවකයින් පවසන්නේ මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවය.

මේ අතර මහනුවර නගරයේ සිට අද උදෑසන දුර ගමන් සේවා බස්රථ ධාවනය ආරම්භ කර ඇත.

තවද හෙට දිනයේ සිට පළාත් අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද වාර්තා වී තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments