Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා නුවරඑළියේ විරෝධතාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා නුවරඑළියේ විරෝධතාවක්


ගුරු බිල්ලක් හෝ ලබා දී ජීවිත පරිත්‍යාගයෙන්, ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ අරගලයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අද (01) නුවරඑළියේදී පවසයි.

විදුහල්පති හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා පවත්වන උද්ඝෝෂණ මාලාවට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් රැළිය අද (01) දා පෙරවරුවේ නුවරඑළිය නගරයේදී විශාල පිරිසකගේ සහභාගීත්නවයෙන් පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික් විදුහල්පති හා ගුරු සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිතිය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණ පෙළපාලියට පැමිණි පිරිස අද පෙ.ව. 10.15 ට පමණ විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් නුවරඑළිය ගාමිණී මැදි විදුහල අසලින් ආරම්භ කර නුවරඑළිය නගරයට පැමිණ වීදි හරහා ගමන් කළහ.

අනතුරුව තැපැල් කාර්යාලය අසලට රැස්වී ගුරු වෘත්තීය සමිති නායකයින් විසින් පැමිණ සිටි පිරිස අමතනු ලැබූහ.

එහිදී අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ වසර 24 ක් තිස්සේ පවතින විදුහල්පති -ගුරු ගැටළුවට පත්වූ සියළුම රජයන් විසඳුම් ලබා නොදීම නිසා මේ දක්වා ගැටළු උද්ගතව ඇති බවත්, වත්මන් ආණ්ඩුව සමස්ත ගුරු පරපුර අපහාසයට ලක් කරමින් රටේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන්ගේ අධ්‍යාපනය වළ පල්ලට දමමින් රටම ආගාධයට දමා ඇති බවය.

රටේ සියළු විදුහල්පති හා ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව ආරම්භ කර ඇති මෙම විරෝධතාවය ඉල්ලීම් ලැබෙන තෙක් ගුරු බිල්ලක් හෝ ලබා දී අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඒ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම උද්ඝෝෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් විදුහල්පති- ගුරු වෘත්තීය සමිති නියෝජනය කරමින් සිංහල දෙමළ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.

චන්දන ජයවීර – හැටන්

The post ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා නුවරඑළියේ විරෝධතාවක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments