Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්දෙසීයකට ආහාර සැකසූ තවත් මල්වර උත්සවයක් වහා නවතයි

දෙසීයකට ආහාර සැකසූ තවත් මල්වර උත්සවයක් වහා නවතයි


බේරුවල පාදගොඩ ප්‍රදේශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කළ උත්සවයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් නතර කර තිබේ.

ඒ අනුව අදාළ නිවසේ සියලු පිරිස නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති අතර ගෙහිමියාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප වාර්තා කරු සඳහන් කරන්නේ එම නිවසෙහි අද (01) දිනයේ මල්වර උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබී ඇති බවත්, පුද්ගලයින් 200කට පමණ ආහාර සූදානම් කර තිබූ බවත් ය.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන් පියවර ගෙන ඇත.

ඒ අනුව නිවසියා මෙන්ම එම ආහාර පිසීම සඳහා පැමිණි පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට දිනයේ එම නිවැසියන් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ද නියමිතය.

මින් පෙර අවස්ථාවක ද මෙවැනිම උත්සවයක් හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් 85ක් එම ප්‍රදේශයෙන් වාර්තා විය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments