Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්මහමග ඇදවැටී පුද්ගලයෙකු මිය යයි.. ඔහුට කොරෝනා..

මහමග ඇදවැටී පුද්ගලයෙකු මිය යයි.. ඔහුට කොරෝනා..


August 1, 2021 at 11:20 am | lanka C news

මහමග ඇදවැටී පුද්ගලයෙකු මිය යයි.. ඔහුට කොරෝනා..

යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මිය ගොස් ඇති අතර එම පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

යාපනය උරුම්පිරාය් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (31) දින යාපනය ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීම සඳහා යතුරුපැදියක යමින් සිටියදී මෙම අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් අතර පසුව සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මිය ගිය පුද්ගලයාට කොරෝණා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරනය වීය.

මෙලෙස මිය ගිය පුද්ගලයාට කොරෝණා වයිරසය අසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ඔහුගේ පවුලේ ඥාතීන් මේ වන විට නිවෙස් තුලම නිරෝධායනය කොට මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නීතින් වලට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,831 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments