Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්වතු නිවාස පෙළක පදිංචි පුද්ගලයින් 41 කට කොරෝනා

වතු නිවාස පෙළක පදිංචි පුද්ගලයින් 41 කට කොරෝනා


යක්කලමුල්ල, තලන්ගහ පහළ කොටසේ වතු නිවාසවල පදිංචි පුද්ගලයින් 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම වතුනිවාසවල පදිංචිකරුවන් 65 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක්කොට ඇති අතර එම පරික්ෂණවල ප්‍රථිපල අනුව පුද්ගලයින් 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ආසාදිතයින් මේ වන විට වතුනිවාසවල වෙනම රදවා සිටින අතර වෛද්‍ය ප්‍රථිකාර සදහා කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරිමට නියමිතව ඇත.

මෙම ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 100 දෙනෙකු පමණ ඉදිරියේ දි පි.සි.ආර් පරික්ෂණවලට යොමුකිරිමට නියමිතව ඇති බවද යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.

අක්මීමන එච් එම් සමන්


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments