Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්අපයෝජනය වූ දරුවන්ගේ වීඩියෝ සාක්‍ෂි ලබා ගැනීමට තවත් මධ්‍යස්ථානයක්

අපයෝජනය වූ දරුවන්ගේ වීඩියෝ සාක්‍ෂි ලබා ගැනීමට තවත් මධ්‍යස්ථානයක්


අපයෝජන සිද්ධීන් වලට මුහුණ දෙන දරුවන්ට උසාවිය තුල සාක්‍ෂි ලබා දීමේදී ඇතිවන මානසික පීඩනය හා මානසික අපහසුතාවයන් දුරු කිරීමේ අරමුණින් කෙටි කාලක් තුල දිවයිනේ සියලු පළාත් තුල වීඩියෝ සාක්‍ෂි ලබා ගැනීමේ මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්මා සඳහන් කරයි.

ළමා අපයෝජන සිද්ධීන් වලට අදාල සාක්‍ෂි ලබා ගැනීමේදී ඊට අදාල දරුවන් නැවත නැවතත් වින්දිතයන් බවට පත්වීම වැළක්වීමේ අරමුණින් දැනට ළමාරක්‍ෂක අධිකාරියේ පමණක් ක්‍රියාත්මක වූ වීඩියෝ සාක්‍ෂි ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් දීප ව්‍යාප්ත කරවීමේ පළමු පියවර ලෙස උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලට අනුබද්ධිත රාගම පුනුරුත්ථාපන රෝහලේ ළමා පියසේ ස්ථාපිත කල වීඩියෝ සාක්‍ෂි ලබා ගැනීමේ මධ්‍යස්ථානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.

අපයෝජන සිද්ධීන් වලට මුහුණ දෙන දරුවන්ට උසාවිය තුල සාක්‍ෂි ලබා දීමේදී ඇතිවන මානසික පීඩනය හා මානසික අපහසුතාවයන් දුරු කිරීමේ අරමුණින් යුතුව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දිවයිනේ පළාත් නවය තුලම මෙවැනි මධ්‍යස්ථාන නවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, රටේ සෑම පුද්ගලයෙකුම මවකගේ හා පියෙකුගේ සෙනෙහසින් යුතුව දරුවන් රැකගතයුතු බවත් මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු, විවිධ හිංසන වලට මුහුණදුන් දරුවන් පිළිබඳව සාකච්ඡා කොට අමාත්‍යංශ නියෝජිතයන් දැනුවත් කිරීම හරහා ඊට අදාල ප්‍රගති වාර්තාවක් අමාත්‍යාංශය වෙත ලබා ගැනීමටද පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර මිය, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ එස්.පී.ඒ. ලියනගේ මයා, ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මයා, රාගම වෛද්‍ය පිඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සහ ළමා රෝග පිලිබඳ විද්‍යායතනයේ ළමා ආරක්‍ෂක අනු කමිටුවේ සභාපති මහාචාර්ය අශ්විනි ප්‍රනාන්දු මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

 

The post අපයෝජනය වූ දරුවන්ගේ වීඩියෝ සාක්‍ෂි ලබා ගැනීමට තවත් මධ්‍යස්ථානයක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments