Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්තේ පර්යේෂණ ආයතනයෙන් කොවිඩ් පොකුරක්

තේ පර්යේෂණ ආයතනයෙන් කොවිඩ් පොකුරක්


වතු කම්කරුවන් 47දෙනෙකුට කොවිඩ්

තලවකැලේ සෙන් කුම්බස් වතුයායෙන් සහ තේ පර්යේෂණ ආයතනයෙන් නව ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගෙන ඇති බව ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

තේ පර්යේෂණ ආයතනයේ සේවකයින් සහ වතු කම්කරුවන් 75 ක් අතරින් මෙම ආසාදිතයන් 47 දෙනා හඳුනාගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා කියයි.

කම්කරුවන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදියින් බවට හඳුනාගත් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙලෙස පී.සී.ආර් පරීක්ෂාවකට යොමුකර තිබේ

එම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරමින් සිටින බව ජනත් අබේගුණරත්න මහතා සඳහන් කරයි

දැනට හඳුනාගෙන ඇති ආසාදිතයන්සි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායන කිරීමටත් පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments