Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්රිජ්වේ ආර්යා රෝහල ධාරිතාව ඉක්මවයි.. කොරෝනා ආසාදිත දරුවන්ගෙන් පිරී යයි.. තවත් ගොඩනැගිලි...

රිජ්වේ ආර්යා රෝහල ධාරිතාව ඉක්මවයි.. කොරෝනා ආසාදිත දරුවන්ගෙන් පිරී යයි.. තවත් ගොඩනැගිලි කුලියට ගනී..


August 3, 2021 at 12:02 am | lanka C news

රිජ්වේ ආර්යා රෝහල ධාරිතාව ඉක්මවයි.. කොරෝනා ආසාදිත දරුවන්ගෙන් පිරී යයි.. තවත් ගොඩනැගිලි කුලියට ගනී..

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දෛනිකව හඳුනාගන්නා කොරෝනා ආසාදිත දරුවන් ප්‍රමාණය දරාගත නොහැකි මට්ටමින් ඉහළ යමින් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටින කොරෝනා ආසාදිත දරුවන් වෙනත් රෝහලට මාරු කර යවමින් සිටියි.

දැනට එම රෝහලේ දෛනිකව කොරෝනා ආසාදිත දරුවන් 15-20ක් අතර ප්‍රමාණයක් වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරයි.

දැනට අසාදිත දරුවන් වෙනත් ස්ථානවලට මාරු කර යවා තිබියදීත් රෝහල පිරී ගොස් ඇතැයි ද පැවසූ ඔහු මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ වෙනත් ගොඩනැගිල්ලක්ද දරුවන් රැඳවීම සඳහා යොදාගෙන ඇතැයි ද පැවසීය.

පවතින තත්වය අනුව ඉදිරියේදී එම නව ගොඩනැගිල්ලද ඉඩකඩ මදි වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

132 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments