Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ලංකාවේ කොවිඩ් රෝගීන් සහ මරණ ගැන අනතුරු ඇඟවීමක්

ලංකාවේ කොවිඩ් රෝගීන් සහ මරණ ගැන අනතුරු ඇඟවීමක්


ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති බවයි.

Coronavirus death toll in Sri Lanka rises to 868 | Colombo Gazette

“අසීරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අනතුරේ පවතින අතර සෞඛ්‍ය පද්ධති පිඩාවට පත්වෙමින් පවතී” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ගතවූ දින පහ තුළදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 294 දෙනකු කොවිඩ් හේතුවෙන් මිය ගොස් තිබේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ ලෝකය පුරා කොවිඩ්-19 රෝගීන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. වර්තමාන ප්‍රවණතා අනුව ඉදිරි සති දෙක තුළදී මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

නයන තරංග ගමගේ


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments