Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ආණ්ඩුවට සල්ලි නෑ.. අපි ඉන්නේ අර්බුදයක..

ආණ්ඩුවට සල්ලි නෑ.. අපි ඉන්නේ අර්බුදයක..


August 3, 2021 at 12:00 pm | lanka C news

ආණ්ඩුවට සල්ලි නෑ.. අපි ඉන්නේ අර්බුදයක..

ගුරු විදුහල්පති වැටුප් ඉහළ දැමීම මේ මොහොතේ කළ නොහැකි බවත් රටේ පවතින මුදල් අර්බුදය අනුව එම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේ දී ඉදිරි අයවැයේ දී ඒ පිළිබඳව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු පැවසීය.

ගුරු විදුහල්පති ඉල්ලීම ලබාදීමට රුපියල් බිලියන 56 ක මුදලක් අමතරව යන බවත් එතරම් මුදලක් මේ මොහොතේ වැය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට් හමුවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

1,760 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments