Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂවරුන්ට අධිචෝදනා

ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂවරුන්ට අධිචෝදනා


රුපියල් බිලියන 07ක මුදල් තැන්පතු සාවද්‍ය පරිහරණය කිරීම සිදුකළේ යයි චෝදනා ලැබ සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට අද (03) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබේ.

එම අවස්ථාවේ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර තිබෙන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලබා තිබේ.

නඩුවේ විත්තිකරුවකු වශයෙන් ඊ.ටී.අයි සමාගම ද නම් කර ඇත.

එම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර නඩුව යළි සැප්තැම්බර් මස 8 වනදා කැඳවීමට දින නියම විය.

The post ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂවරුන්ට අධිචෝදනා appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments