Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්පොහොර රටින් ගෙන්වන්න අවසර - Aruna

පොහොර රටින් ගෙන්වන්න අවසර – Aruna


රසායනික පොහොර නැවැත්වූ ගැසට් නිවේදනයේ ගැටලු නිසා නව නියෝග

පොහොර ආනයනය අත්හිටුවීමේ නියෝගය වෙනස් කරමින් බලපත්‍ර සහිත පුද්ගලයින්ට පොහොර ආනයනයට ඉඩ ලබාදීමට මුදල් අමාත්‍යාංශය නව රෙගුලාසි නිකුත් කර ඇත.

2021 ජූලි 30 වැනිදා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ අත්සනින් නිකුත් කර ඇති මෙම රෙගුලාසිවලට අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අවසර ලබා ගන්නා පුද්ගලයන්ට අදාළ රෙගුලාසි යටතේ කැල්සියම් කාබනේට් සහිත ඇමෝනියම් නයිට්‍රේට් සහ සුපර් පෝස්පේට් ඇතුළුව කාණ්ඩ ගණනකට අයත් පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාගත හැකිය.

මේ වන විට රටට රසායනික පොහොර ආනයනය කිරීම මුළුමනින්ම තහනම් කර ඇති නමුත් නව රෙගුලාසි යටතේ රසායනික පොහොර වර්ග කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට ද අවසර ලැබෙන බවත් දක්නට තිබේ.

කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලක ජනරාල් ටී.වී.ඩී. දමයන්ති එස්. කරුණාරත්න අරුණට සඳහන් කළේ රසායනික පොහොර වර්ග පිළිබඳව සඳහන් වුවද මෙම නියෝග යටතේ බලපත්‍රලාභී ආනයන කරුවන්ට මෙරටට ගෙන්විය හැක්කේ කාබනික පොහොර පමණක් බවයි.

Compost Organic Fertilizers, animal based fertilizer, Humus, Bio Organic  Manure, Organic Manure, Organic Waste in Anand , Tulsi Organic Fertilizer |  ID: 7481025412

‘‘රටේ දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී කාබනික පොහොර පමණක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමක් තමයි මෙතැනදී කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම රසායනික පොහොර ආනයනය තහනම් කරමින් ගහපු ගැසට් නිවේදනය නිසා මතු වුණු ගැටලු හේතුවෙන් තමයි මේ නව නියෝගය නිකුත් කළේ. දැනට අපි අඳුනගත්ත පොහොර වර්ග කිහිපයකට තමයි මේ බලපත්‍ර ලබාදෙන්නේ. කාබනික පොහොර සඳහා තවමත් වර්ගීකරණයන් සකස් කරලා නැහැ. ඒක දීර්ඝ ක්‍රියාවලියක්. ඒකට කාලයක් ගතවෙන නිසා දැනට පවතින වර්ගීකරණයන් මේකෙ දක්වලා තියෙනවා. නමුත් ගෙන්වන්න දෙන්නේ කාබනික පොහොර විතරයි.

නයන තරංග ගමගේ, උදයජීව ඒකනායක


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments