Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්රැඳවියන්ට අද සිට කොවිඩ් එන්නත

රැඳවියන්ට අද සිට කොවිඩ් එන්නත


රැඳවියන්ගේ එන්නත්කරණය කොළඹින් අරඹයි

බන්ධනාගාර රැඳවියන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද(05) සිට කොළඹ බන්ධනාගාර වලින් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව, කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි වැලිකඩ, මැගසීන් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව සෙසු ප්‍රදේශ වල බන්ධනාගාර රැඳවියන්ට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍වරයා සඳහන් කරයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම එන්නත් තොගය බන්ධනාගාර දොපාර්තමේන්තුවට ලැබී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍වරයා වැඩිදුරටත් පවසයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments