Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ළමා අපචාර නඩු වලට වෙනම දිනයක්

ළමා අපචාර නඩු වලට වෙනම දිනයක්


ළමයින් සම්බන්ධ නඩු හඳුනා ගැනීමට ක්‍රමවේදයක්

ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි හාර දහස් හත්සිය හතළිහක් පසුගිය මාස හය ඇතුළත ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි රෝහිණි කවිරත්න ප්‍රකාශ කළාය.

කොවිඩ් වසංගත කාලයේ ළමා අපචාර සම්බන්ධයෙන් අධිකාරියට ලැබී ඇති දුරකතන ඇමතුම් සංඛ්‍යාව පනස් පන් දහසක් බවත් ඇය සඳහන් කළාය.

මන්ත්‍රිවරිය මේ බව සඳහන් කළේ පෙරේදා (03 වැනිදා) පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය.

මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාරවලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟවූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මෙම රැස්වීමේදී පැවසීය.

අදාළ දිනයේදී ළමයින් සම්බන්ධ නඩුවලට ප්‍රමුඛතාව ලබාදීමටත් එම නඩු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් අදාළ චක්‍රලේඛය අධිකරණ සේවා කොමිසම මගින් සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙත යවා ඇති බවද සභාපතිවරයා පැවසීය.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සම්මත වීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට අදාළ අමාත්‍යාංශ දහයක් පදනම් කරගෙන ආරම්භ කර ඇති අතර ළමා ආරක්ෂණයට අදාළ ජාතික දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව එළඹෙන ඔක්තෝබර් මාසයේදී ජනගත කිරීමට සියල්ල සූදානම් බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

අජිත් අලහකෝන්


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments