Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්චීනයට පෙර රටවල් කිහිපයක කොවිඩ් පැතිරිලා

චීනයට පෙර රටවල් කිහිපයක කොවිඩ් පැතිරිලා


කොරෝනා ව්‍යාප්තිය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

චීනයේ වූහාන් නගරයෙන් 2019 වසරේ අගභාගයේදී නිල වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට පෙර ලොව ස්ථාන කිහිපයක වෛරසය සංසරණය වී ඇති බව පර්යේෂණයකින් අනාවරණ වූ බව චීන නාලිකාවක් හෙළිකර ඇත.

වෛද්‍ය සඟරා ලිපි සහ ප්‍රවෘත්ති වාර්තා විශ්ලේෂණය කිරීම තුළින් එම නාලිකාව සකස්කර ඇති සටහනකට අනුව අමෙරිකාව, ජපානය සහ ස්පාඤ්ඥය ඇතුළු රටවල් කිහිපයක වූහාන් නගරයට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී තිබී ඇති බව සඳහන් කරයි.

France says no link between origin of COVID-19, Wuhan lab - CGTN

වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට ඍජුවම චෝදනා එල්ල කරන පසුබිමක මෙම වාර්තාව නිකුත් කිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මුල් අවදියේදී කොවිඩ් වසංගතය හොඳින් පාලනයකර සිටි වියට්නාමය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් මෙන්ම දරුණු වසංගත ව්‍යාප්තියකට මුහුණදී එය පාලනය කරගැනීමට සමත්වූ අමෙරිකාව වැනි රටවල් ද මේ වනවිට නැවතත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආක්‍රමණයට නතුවී ඇත.

මින් වසරකට පමණ පෙරදී කොවිඩ් ආසාදිතයන් ශුන්‍ය කළ චීනයේ වූහාන් නගරයෙනුත් මේ වනවිට ඩෙල්ටා ආසාදිතයන් හමුවෙමින් තිබීම විශේෂත්වයකි.

The post චීනයට පෙර රටවල් කිහිපයක කොවිඩ් පැතිරිලා appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments