Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් එන්නත නොපමාව ගන්න - Aruna

කොවිඩ් එන්නත නොපමාව ගන්න – Aruna


සෑම අයෙක්ම කොරෝනාවට ගොඳුරුවීමේ අවදානමක්

වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට නොපමාව කොවිඩ් මර්දන එන්නත ලබාගන්නැයි රජය දැනුම්දීමක් කරයි.

සෑම පුද්ගලයෙක් ම රෝගයට ගොඳුරුවීමේ අවදානමකට මුහුණ පා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ආසාදිතයින් වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුවන අතර ආසාදිතයින්ගෙන් 1.5% පමණ ජීවිතක්ෂයට පත්වන බව ද එහි සඳහන් ය.

මේ අතර වෛරසයට ගොදුරු නොවී සිටීමට නම්, පහත උපදෙස් තරයේ පිළිපදින්නැයි, සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

*හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා ගන්න. (ලෝකයේ වැඩි පිරිසක් ජීවිත බේරා ගෙන ඇත්තේ, කොවිඩ් එන්නත ලබා ගැනීමෙනි)

*අත්‍යාවශ්‍යම කාරණයකට මිස නිවසින් පිටතට නොයන්න.

*සෙනග ගැවසෙන මංගල, අවමංගල හා වෙනත් උත්සවලට සහභාගී වීම සම්පූර්ණයෙන් ම නතර කරන්න.

*පොදු ස්ථානයකට යන විට අනිවාර්යයෙන් ම මුව ආවරණය පළදින්න.

*කාමර, ශාලා, විදුලිසෝපාන , වාහන වැනි ආවරණය කළ ස්ථානවල සෙනග සමග ගැවසීමෙන් වළකින්න.

*විටින් විට සබන් යොදා දෑත් සෝදන්න.

*අන්‍යයන් සමග මීටර 2කට වඩා දුරින් සිටින්න.

*නිදන්ගත රෝග ඇත්නම්, රැකියාවට මිස නිකරුනේ නිවසින් පිටතට නොයන්න.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments