Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්නිරෝධායන නීති කඩා ව්‍යාපාර කල ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමයි…

නිරෝධායන නීති කඩා ව්‍යාපාර කල ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමයි…


August 8, 2021 at 2:06 am | lanka C news

නිරෝධායන නීති කඩා ව්‍යාපාර කල ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමයි…

නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් මස්කෙලිය නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කල වෙලදසැල් කිහිපයක් තාවකාලිකව වසා දැමිමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගැණින.

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමුවිම සහ මස්කෙලිය නගරයේ ව්‍යාපාරිකයන් තිදෙනෙක් කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය යාම නිසා මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරන ව්‍යාපාරික ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කර තිබුණි.

මෙම මෙහෙයුමේදි නිරෝධායන උපදෙස් නිසි ලෙස නොපිලිපදිමින් කටයුතු කල ව්‍යාපාරිකයන් රැසකට දැඩි ලෙස අවවාද කල අතර , කිසිදු නිරෝධායන උපදෙසක් නොපිලිපදිමින් වෛරසය පැතිර යාමේ අවධානමක් සහිතව ව්‍යාපාර කටයුතු සිදු කල ස්ථාන කිහිපයක් දින 14 කට තාවකාලිකව වසා දමා එම වෙලදසැල් මෘද්‍රා තැබිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.

මස්කෙලිය නගරයේ මහජනතාව ගැවසෙන ස්ථාන සහ වෙලදසැල් විෂබිජහරණයට ලක් කිරිමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ   

269 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments