Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ගම්පහ සියළු ආදාහනාගාර සක‍්‍රිය කරයි..

ගම්පහ සියළු ආදාහනාගාර සක‍්‍රිය කරයි..


August 8, 2021 at 3:50 pm | lanka C news

ගම්පහ සියළු ආදාහනාගාර සක‍්‍රිය කරයි..

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ්  එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදෙස් සංචාරක නිරතව සිට  අද පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා  ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්  ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍යය බලධාරීන්ට උපදෙස් දෙමින් මෙසේ කීය.

ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 න් ඉහළ  සියලු දෙනා එන්නත් කිරීම  මේ වන විට ආරම්භ කර තිබේ.

එම තත්ත්වය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සීග්‍ර වෛරස ව්‍යාප්තිය  කෙරෙහි සැලකිලිමත් වෙමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ලක්ෂ පහක්  හා වයස අවුරුදු  18ටත් 30ත් අතර පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ ප්‍රමාණයක්  තවමත් එන්නත ලබා ගෙන නොමැත.   එසේම එන්නත්කරනය කළ යුතු අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් ප්‍රමාණය ලක්ෂ තුනක් පමණ වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දත්ත අනාවරණය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් තුළ කොවිඩ්‍  මෘතදේහ ගොඩ ගැසී ඇති  බවට පත් සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරණය සම්බන්ධයෙන්ද  අවධානය යොමුකළ අමාත්‍යවරයා  එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සතු සියලු ආදාහනාගාර  ආදාහන කටයුතුවලට ලබා දෙන ලෙසත්, ක්‍රියාත්මක නොවන ආදාහනාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස ත් පළාත් පාලන ආයතන කොමසාරිස් වරයාට උපදෙස් දුන්නේය.

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් වාර්තාවන දිස්ත්‍රික්කයේ රෝහල් වල අවශ්‍යතාවය අනුව කොවිඩ් වාට්ටු ප්‍රමාණය වැඩි කරන ලෙස පළාත් සෞඛ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරුණු වැරැල්ලවත්ත අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවමත් විවෘත නොකෙරෙනු  ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙහි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා එම ප්‍රතිකාර මධ්‍යස්ථාන හැකි ඉක්මනින් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඇඳන් 1000 කඩිනමින්  ලබාදෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා මෙම ලෝක වසංගත තත්වය  හමුවේ  සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් බව ජනතාව වටහා ගත යුතු බව අවධාරණය කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments