Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්අතුරුදහන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු එළියට

අතුරුදහන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු එළියට


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් ඇමෝනියා නයිට්‍රේට් නමැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් අඩුවී ඇති බවත් එය සොරකමක් විය හැකි බවත් පවසා ගුවන් හමුදා මුලස්ථානයේ විනය අධ්‍යක්ෂකවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ලට අදාළව පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලදී සිද්ධිය සම්බන්ධ ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අදාළ පුපුරණ ද්‍රව්‍යවලින් කිලෝ 70යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් මේ වනවිට සොයා ගෙන ඇති බවයි.

ඔවුන් අදාළ පුපුරණ ද්‍රව්‍ය ගල් වැඩපොළ වෙත ලබාදී ඇති බවට අනාවරණ වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments