Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනාවෙන් මැරුණ ඥාතියා පෙන්වන්නැයි මෝචරිය අසල යකා නටයි..

කොරෝනාවෙන් මැරුණ ඥාතියා පෙන්වන්නැයි මෝචරිය අසල යකා නටයි..


August 9, 2021 at 5:30 pm | lanka C news

කොරෝනාවෙන් මැරුණ ඥාතියා පෙන්වන්නැයි මෝචරිය අසල යකා නටයි..

කොරෝනා ආසාදිතව මියගිය තම ඥාතියාගේ මළ සිරුර දැක බලා ගැනීමට අවශ්‍ය බව කියමින් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

කලුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ අසලදී මෙම සිදුවීම සිදුව ඇත.

කළුතර මහ රෝහලේ කොරෝනා මළ සිරුර වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී තිබූ බවත් අදාල පුද්ගලයාගේ ඥාතියාගේ සිරුර දැක ගන්නට අවශ්‍ය යැයි කියමින් ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පිරිසට බැන තර්ජනය ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිසියට රෝහලෙන් කළ දැනුම් දීම අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments