Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..

ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..


August 9, 2021 at 3:50 pm | lanka C news

ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..

ගුරු වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් අද (09) යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටින් ආරම්භ කල විරෝධතාවක් සහ රථ පෙලපාලිය යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසලින් අවසන් කළ බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසා සිටියේය.

යාපනය ඇතුලු උතුරු පලාත් ගුරු හා විදුලිපති වරුන්ගේ සංගම් නියෝජිතයින් හා ලංකා ගුරු වදුහල්පති ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් පිරිසක්ද මෙම විරෝධතාවන් සඳහා සහභාගී වී සිටියිහ.

එහිදී යාපනය වීරසිංහ ශාලාව ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා කරුවන් විසින් විරෝධතාවය අතරතුර රථ පෙලපාලියක්ද සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් විරෝධතා රථ පෙලපාලිය වීරසිංහම් ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ගමන්කරන අතරතුරදී ඒ සඳහා සහභාගී වූවන්ට යාපනය පොලිසියේ දැඩි බාධාවන් එල්ල වූ බවටද ලංකා ගුරු සංගම් නියෝජිතයින් පැවසූහ.

එහිදී පොලිස්  නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායන නීතීන් ආරක්ෂා කරමින් සෞඛ්‍යාරක්ෂිතව ගමන් කරන ලෙසට තරයේ අවවාද කිරීම හා සෞඛ්‍යරක්ෂිත පියවර අනුගමනය නොකරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවටද දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

842 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments