Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්දෛනික මරණ 200 හා දෛනික ආසාදිතයන් 5000 පැනීම ආසන්නයේ..

දෛනික මරණ 200 හා දෛනික ආසාදිතයන් 5000 පැනීම ආසන්නයේ..


August 9, 2021 at 3:00 pm | lanka C news

දෛනික මරණ 200 හා දෛනික ආසාදිතයන් 5000 පැනීම ආසන්නයේ..

ඉදිරි දින කිහිපය තුළ මෙරට දෛනික ආසාදිත ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් දෛනික මරණ ප්‍රමාණය 200 ඉක්මවනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

දැනට පවතින ව්‍යාප්ති තත්ත්වය ඉදිරි සති කිහිපයේදී තවත් දරුණු තත්වයට වැටෙනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

රෝහල් ගත වන ආසාදිතයන්ගේ තදබදය හේතුවෙන් අනිත් රෝගීන්ද රෝහල්ගත වීමට බිය වීමද මීට හේතු වන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

දැනට රෝහල්වල ඔක්සිජින් ප්‍රමාණවත් ලෙස තිබුණද සතියකින් පමණ ඔක්සිජන් හිඟතාවයක් හේතුවෙන් ආසාදිතයන් බලාසිටියදීම මිය යනු ඇතැයි ද ඔවුන් අනතුරු අඟවා තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ වහාම ජනතාවගේ සංචාරණ සීමා නො කළහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවයි.

රෝහල් කාර්ය මණ්ඩලය වසංගතයට ගොදුරු වෙමින් පැවතීම තත්ත්වය තවත් බරපතළ තැනකට ඇද දමා ඇතැයි ද ඔහු පෙන්වා දී ඇත.

21,155 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments