Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්පළමු පෙළ ආශ්‍රිතයන්ට දින 3-5 අතර පරීක්ෂණයක්

පළමු පෙළ ආශ්‍රිතයන්ට දින 3-5 අතර පරීක්ෂණයක්


කොවිඩ් 19 ආසාදිතයකුගේ පළමුපෙළ ආශ්‍රිතයකු බවට හඳුනාගැනෙන පුද්ගලයකු දින 3-5 ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් කරගන්නා ලෙස එක්සත් ජනපදයේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ‘අරුණ’ට පැවසීය.

කොරෝනා එන්නතෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙලා ද බලන්න පරීක්ෂණයක්

මීට පෙර පළමුපෙළ ආසාදිතයන්ට කොවිඩ් 19 සඳහා පරීක්ෂණයකට ලක්විය යුතු කාල සීමාව ලෙස එක්සත් ජනපද ආයතනය විසින් දක්වා තිබුණු කාලය දින 5-7 අතරය.

පළමුපෙළ ආශ්‍රිතයන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් අදාළ කාල සීමාව තුළ පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් බවත්, රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් (රැපිඩ් ඇන්ටිජන්) සිදු කර ගැනීම සුදුසු බවත් ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම කරුණු දැක්වීම තමාගේ පෞද්ගලික මතය බව පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර බොහෝ පුද්ගලයන් නිසි උපදෙස් පිළි නොපැද ප්‍රතිඵලදායක නොවන අයුරින් කොරෝනා පරීක්ෂණ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකරනු දැකගත හැකි බව සඳහන් කළේ ය.

නයන තරංග ගමගේ


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments