Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක් පැතිර යයි

කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක් පැතිර යයි


අලුත් වෛරසය වැළඳුනොත් මරණයට පත් වීමේ හැකියාව 88%ක් දක්වා ඉහළට

මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අගෝස්තු 2 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතිකයින්ගේ රුධිර සාම්පලවලින් මෙම වෛරසය හමු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

West Africa’s first-ever case of Marburg virus disease confirmed in Guinea © WHO

එය පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මට්ෂිඩිසෝ මොයෙටි ප්‍රකාශ කර තිබේ.

මෙම මාබර්ග් වෛරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක තරම් ඉහළ අගයක් ගන්නා අතර මෙම වෛරසය කොවිඩ් මෙන් වවුලන්ගෙන් සහ වඳුරන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම වෛරසය මිනිසාගෙන් මිනිසාටද සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති අතර වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ රුධීරය, ස‍්‍රාවයන්, පටක මගින් මෙය බෝ විය හැකි යි.

වෛරසය ආසාදනයෙන් දින 2 – 21 අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, තද උණ, තද හිසරදය, පාචනය, වමනය ඒවා වනවා. 5 වන දිනය පමණ වන විට සිරුරේ විවර සහ විදුරුමසින් රුධිර වහනය ඇරඹිය හැකි අතර 7 වන දිනය පමණ වන විට රෝගියා කම්පනයෙන් මියයෑම සිදු වන බව වාර්තා වේ.

The post කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක් පැතිර යයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments