Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්නිරෝධායනය නොවන පවුලක මෘත දේහ PCR කරන්නේ නෑ

නිරෝධායනය නොවන පවුලක මෘත දේහ PCR කරන්නේ නෑ


අධිකරණ අමාත්‍යාංශයෙන් මරණ පරීක්ෂකවරුන්ට දුන් බලය

නිරෝධායනය නොවන පවුලක යම් පුද්ගලයකු මිය ගියහොත්, ඔහුගේ මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ පරීක්ෂකවරුන්ට පවරා තිබේ.

අපරාධවල සුලමුල හෙළිකරන අධිකරණ වෛද්‍ය විද්‍යාව|Sri Lanka News|News Sri  Lanka| English News Sri Lanka|Latest News Sri Lanka|Sinhala News

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද දැනුම්දීමකට අනුව අධිකරණ අමාත්‍යාංශය එම පියවර ගෙන තිබේ.

නිරෝධායනය නොකළ යම් පවුලක සාමාජිකයකු නිවසේ දී හෝ ​රෝහලේ දී මියගිය හොත් එම මෘත දේහය පශ්චාත් මරණ පැවැත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීම හේතුවෙන් ඒවායෙහි ඇතිවන තදබදය අවම කිරීමේ අරමුණින් අදාළ පියවර ගෙන තිබිණි.

නමුත් යම් පුද්ගලයකු සැකකටයුතු අයුරින් මියගොස් තිබේ නම් හෝ සියදිවි නසාගෙන තිබේ නම් සුපුරුදු නීතිමය කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉෂාර රත්නකාර


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments