Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මහනුවර දළදා පෙරහරටත් බැතිමතුන් නෑ

මහනුවර දළදා පෙරහරටත් බැතිමතුන් නෑ


(ෂේන් සෙනෙවිරත්න)

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ උපදෙස් පරිදි ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට  තීරණය  කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවති පෙරහර කමිටු රැස්වීමේදී දියවඩන නිලමේවරයා ඒ පවසමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

ඒ වන විට රටේ පවතින කෝවිඩ් උවදුර හමුවේ මෙවරත් ගියවර මෙන් මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර මංගල්‍ය කිරීමට තීරණය කර තිබෙනවා .

ජනතා සහභාගිත්වයකින් තොරව එය පැවැත්වූවත් දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් නිරෝධායන නීති උපරිමයෙන් පිළිපදිමින් පෙරහැර මංගල්‍යය සිදු කිරීමට පියවර ගන්නවා .පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන්ටත් එම නීති රීති දැඩිව ක්‍රියාත්මක වෙනවා .

මෙවර පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර පහත් රන්දෝලි පෙරහැර පහත් දහවල් පෙරහරත් ඇතුළු පෙරහැර 11ම රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා . එසේම සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ඔස්සේද සියලු පෙරහැර සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා .

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments