Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්දුම්රියෙන් යන්න පුළුවන් අවසර තියෙන අයට පමණයි

දුම්රියෙන් යන්න පුළුවන් අවසර තියෙන අයට පමණයි


වැඩට යන අය වෙනුවෙන් ගමන්වාර වැඩි කරයි

රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ ලියකියවිලි නොමැති පුද්ගලයින්ට අන්තර් පළාත් දුම්රිය සේවාවන් ‍ භාවිත කිරිමේ හැකියාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට රාජකාරි සඳහා පිටත්ව යන පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉහළ නංවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

Fort Railway Station – Lakpura™

දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට එයට අදාළ ලියකියවිලි ඕනෑම වේලාවක පරීක්ෂා කර නිසි පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

මේ වන විට දුම්රිය මැදිරි වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවත් දුම්රිය ස්ථානයට ඉක්මනින් පැමිණ අදාළ දුම්රිය තෝරාගෙන තදබදයකින් තොරව තමන්ගේ ගමනාන්තය දක්වා ගමන්ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

The post දුම්රියෙන් යන්න පුළුවන් අවසර තියෙන අයට පමණයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments