Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්රෝහල්වල අපජලයෙන් පරිසර ගැටලු - Aruna

රෝහල්වල අපජලයෙන් පරිසර ගැටලු – Aruna


නුවරඑළි රෝහලේ අපජලය නගරයේ කානු පද්ධතියෙන් ගලා යයි

රජයේ රෝහල්වල අපජලය පිරිපහදු කිරීම සහ බැහැර කිරීම පරිසර හිතකාමී ආකාරයට සිදු නොවන බව ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ බදුල්ල , පොළොන්නරුව, මුල්ලේරියාව, ත්‍රිකුණාමලය, කන්තලේ, තිස්සමහාරාම, ගම්පහ, නුවරඑළිය සහ කතරගම යන රෝහල් නියැදියක් ලෙස යොදා ගනිමින් ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද පරීක්ෂණයකිනි.

Flushing is our next weapon against COVID-19, if you're happy to have your  sewage scrutinised | UNSW Newsroom

බදුල්ල මහ රෝහලේ දිනකට දළ වශයෙන් උත්පාදනය වන අපජලය ඝන මීටර් ලක්ෂ දෙකක් පමණ වන බවත් එම ජලය සෞඛ්‍යාරක්ෂිත හා පරිසර හිතකාමි ලෙස රට අභ්‍යන්තර ජල මූලාශ්‍රවලට බැහැර කෙරෙන බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවූ බවත් පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබේ. පිරිපහදුවෙන් පසු එම ජලය මුදාහැරෙන්නේ බදුලුපිටිය ඇළට ය.

දිනකට ඝන මීටර් පන්සියයක් පමණ වන පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලෙන් පරිසරයට බැහැර කෙරෙන අප ජලය මගින් ඇති විය හැකි පාරිසරික හා සෞඛ්‍යමය හානිය ඉහළ යැයි විගණකාධිපතිවරයා පවසයි.

ප්‍රමාණය ඉක්මවා පවතින බැක්ටීරියා සහිත අපජලය නුවරඑළිය දිස්ත්‍රික් රෝහලෙන් බැහැර කෙරෙන බවත් එම අපජලය අවසාන වශයෙන් නුවරඑළිය නගර මධ්‍යයේ කානු පද්ධතියෙන් ගලා යන බවත් පරීක්ෂණ වාර්තාව අනාවරණය කරයි.

කන්තලේ රෝහලේ වාට්ටු දෙකක අපජලය කිසිදු පිරිපහදු කිරීමකින් තොරව ඇළ මාර්ගවලට එක්වන අතර තිස්සමහාරාම රෝහලේ අපජල පිරිපහදු පද්ධතිය කාර්යක්ෂමව හා නියමිත ප්‍රමිතියට ක්‍රියාත්මක නොවන බව ද විගණන වාර්තාවෙන් හෙළි කරයි.

එමෙන්ම ගම්පහ රෝහලේ අපජල පිරිපහදු පද්ධතියේ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් පිරිපහදු ක්‍රියාවලිය සිදුනොවන බවත් කතරගම රෝහලේ අපජලය පරිසර හිතකාමී නොවන ආකාරයෙන් බැහැර වීමෙන් භූගත ජලයට සහ මතුපිට පරිසරයට දැඩි අවදානමක් මතුව ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම අවදානම් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ සියලුම රෝහල් සහ රෝහල්වල අපජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය.

නිලන්ත මදුරාවල


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments