Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කෝවිඩ් අස්සේ මාතර තවත් වසංගතයක් පැතිරේ

කෝවිඩ් අස්සේ මාතර තවත් වසංගතයක් පැතිරේ


මේ රෝග ලක්ෂණ ඇති නම් වහා රෝහල් ගත වෙන්න

මෙම වසරේ ජනවාරි මුල් සතියේ සිට ජූලි අන්තිම සතිය දක්වා කාලය තුළදී වැලිමැස්සා නමැති කෘමියා මගින් බෝවන “ලිෂ්මානියා” නමැති රෝගයට ගොදුරු වූ රෝගීන් 179 ක් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය තාරක ලොකු මාරඹගේ පැවසීය.

දිස්ත්‍රික්කය තුළ ඇති සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාල මට්ටමින් ගත්විට මාලිම්බඩ 01ක්, මාතර නාගරික 01 ක්, පස්ගොඩ 02 ක්, කඹුරුපිටිය 02 ක්, තිහගොඩ 04 ක්, මුලටියන 05 ක්, කිරින්ද 10 ක්, හක්මණ 18 ක්, මාතර ප්‍රාදේශීය 22 ක්, දෙවිනුවර 46 ක්, දික්වැල්ල 68 ක් වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.

වැලිමැස්සා නමැති හෝහපුටු විශේෂයක් මිනිස් ශරීරයට දෂ්ට කිරීමෙන් මෙම රෝගය වැලඳේ.

First molecular diagnostics for insecticide resistance in sandflies | LSTM

රෝග බීජ මිනිස් ශරීරයට ඇතුළු වී රෝග ලක්ෂණ පහළ වීමට මාස 03 ක කාලයක් අඩුවැඩි වශයෙන් ගතවේ.

ශරීරයට දෂ්ට කිරීමෙන් පසු වේදනාව නොමැති රතු පැහැති ගැටිත්තක් හෝ තුවාලයක් ඇතිවී එය ක්‍රමයෙන් වර්ධනය වේ. මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් හැකි තරම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අතර, ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගය සම්පූර්ණයෙන් සුව වේ.

Managing non-melanoma skin cancer in primary care: A focus on topical treatments - BPJ 57 December 2013

දිරාපත් වන කුණු ගොඩවල්, අපිරිසිදු ස්ථාන, හිරු එළිය නොවැටෙන තෙතමනය සහිත ලඳු කැලෑවල මෙම වැලිමැස්සා වැඩි වශයෙන් බෝවන ස්ථාන වේ.

ශරීරය හොඳින් ආවරණය වන සේ ඇඳුම් ඇඳීම, හිමිදිරි කාලයේ හා සැන්දෑ කාලයේ එළිමහනේ ගැවසීමෙන් හැකිතාක් දුරට වැලකීම වැලිමැස්සා පලවා හරින ආලේපන ඇඟේ ගැල්වීම මගින් මෙම රෝගයට ගොදුරු නොවී සිටිය හැකි බව වෛද්‍ය තාරක ලොකු මාරඹගේ වැඩිදුරටත් පැවසීය.

මනෝජ් ප්‍රබෝධ – ගන්දර

The post කෝවිඩ් අස්සේ මාතර තවත් වසංගතයක් පැතිරේ appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments