Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්දොරකොඩට ඇවිත් එන්නත් කරන වැඩපිළිවෙළ ඇරඹේ

දොරකොඩට ඇවිත් එන්නත් කරන වැඩපිළිවෙළ ඇරඹේ


යුද හමුදා එන්නත් ජංගම රථ 10ක් රට පුරා ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට අද (12) සිට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ, රජයේ එන්නත්කරණ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම සඳහා බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අප කළ විමසීමකදී සඳහන් කළේ.

බස්නාහිර පළාත තුළ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් වෙතගොස් එන්නත් ලබාදීම සඳහා මෙම ජංගම එන්නත්කරණ රථ යොදවනු ඇති.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායම් සහිත ජංගම එන්නත්කරණ රථ 10ක් යෙදවීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments