Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්අද මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම්

අද මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම්


සැප්තැම්බර් 15වැනිදාට පෙර කොවිඩ් එන්නත නොගතහොත් සිදුවන දේ

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී එම තීරණ ගත් බවයි.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇත.

ඒ අනුව සංචාරක, වරාය‍, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බවයි.

එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නිවේදනය පහතින්…

The post අද මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments