Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්දඹුල්ල රෝහලට පැය 24න් ලැබුනු හදිසි වාට්ටුව

දඹුල්ල රෝහලට පැය 24න් ලැබුනු හදිසි වාට්ටුව


ඇමති බැසිල්ට දුන් එක් දුරකථන ඇමතුමෙන් ලැබුනු දේ

දඹුල්ල රෝහලේ කොවිඩ් ආසාදිත වූ රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී ජනතාව පීඩාවට පත්ව ඇතැයි ප්‍රවෘත්ති මගින් විකාශය වීමෙන් හෙළිදරව් කිරීම නිසා රෝගීන් හැත්තෑවකට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි හදිසි වාට්ටුවක් පැය විසි හතරක් තුළ ඉදිකිරීමට හැකිවූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත පැවැසීය.

එම පුවත දුටු රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව තමන්ගෙන් විමසා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට දැනුම් දීමෙන් පසු එක් දුරකථන ඇමැතුමකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අරමුදලෙන් සහ දඹුල්ල මහ නගර සභාවෙන් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් වියදම් කරමින් කඩිනමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය පියවර ගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත පැවැසීය.

කේ.කේ. ආරියදාස – දඹුල්ල


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments