Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්එන්නත ගැනීමට පිරිස් රැස්වීම ගැටලුවක්

එන්නත ගැනීමට පිරිස් රැස්වීම ගැටලුවක්


කොරෝනා බෝ විය හැකි ක්‍රමයක් ගැන ට්විටර් සටහනක්

මේ වනවිට කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇත්තේ මෙරට ජනගහනයෙන් සියයට 25කටත් අඩු ප්‍රමාණයකට බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ටව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වාදෙන්නේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට පිරිස් වශයෙන් ඒකරාශීවීම විද්‍යාත්මකව ගැටලුකාරී තත්ත්වයක් බවත් එමගින් පුද්ගලයින් වෛරසයට නිරාවරණය වන අතර රෝගය බෝවීමට ද ඉඩකඩ පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර තිබේ.

කෙසේවෙතත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම වෛරසයෙන් ආරක්ෂාවීමට මේ වනවිට ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේය.

තෙවන මාත්‍රාවක අවශ්‍යතාවයක් මෙතෙක් නොමැති බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා එහිදී පෙන්වා දී ඇත.

The post එන්නත ගැනීමට පිරිස් රැස්වීම ගැටලුවක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments